ලබන වසරේදී ගෙවීමට ඇති සමස්ත ණය ඩො බි 5.6 ක්
ලබන වසරේදී ශ්‍රී ලංකාවට ගෙවා දැමීමට ඇති සමස්ත ණය සේවාකරණය ඇමෙරිකානු ඩොලර් බිලියන 5.6ක් (රුපියල් බිලියන 1229.8ක්) බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසයි.
රජයේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ජාතික ආර්ථික කවුන්සිලයේ ලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන් මහතා ඊයේ (22දා) කළ ප්‍රකාශයකට සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශයක් කරිමින් ඔහු මේ බව සඳහන් කළේය.
මෙහිදී මහාචාර්ය ලලිත් සමරකෝන් මහතා ප්‍රකාශ කළේ ලබන වසරේදී කල්පීරිමට ලක්වන ඩොලර් බිලියන 1.5 ක ජාත්‍යන්තර සෛවරීත්වය බැඳුම්කර සඳහා මුදල් ගෙවීමට සිදුව ඇති බවත් එය ගෙවීම ශ්‍රී ලංකාවට කිසිම ගැටලුවක් නොවන බවයි.
කෙසේ වෙතත් මෙම ප්‍රකාශය ජනතාව නොමග යැවීමක් බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ ගෙවීමට සිදුව ඇති අනෙකුත් ණය පිළිබඳව ඔහු ප්‍රකාශ නොකළ බවයි.
එසේම මූඩිස් ආයතනය ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය පහළ දැමීමට දේශපාල අර්බුදයද හේතුවක් වී ඇති බව ඔහු පෙන්වා දෙයි.
At Cabinet brief @MaithripalaS NEC Sec Gen Samarakoon misleads everyone saying only USD 1,500m ISBs repayments to be made in 2019. Doesn’t mention other liabilities. FACT 1: #SriLanka has repayments of USD 5,600m in 2019. FACT 2: Moody’s downgrades is due to political crisis. pic.twitter.com/RyaHJWkvEU
— Harsha de Silva (@HarshadeSilvaMP) November 22, 2018
popular news
-
Sunil Friday, 23 November 2018 08:31 AM
මේ එජාපයේ සාඩම්බර දයාදයය්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

